හොදම චිත්රපටයට ලොකු තරගයක්
මෙවර අයිෆා සිනමා සම්මාන උළලේ හොඳම චිත්රපටයට හිමි සම්මානය සඳහ නිර්දේශ වී ඇත්තේ බූෂන් කුමාර්, කිෂන් කුමාර් දෙදෙනා නිෂ්පාදනය කළ බූල් බුලයියා දෙවැනි චිත්රපටය, ගෞරි ඛාන් හා ආලියා භාට් නිෂ්පාදනය කළ ඩාර්ලින්ග්, බූෂන් කුමාර්, කිෂන් කුමාර් දෙදෙනා නිෂ්පාදනය කළ ඩ්රිෂියාම් දෙවැන්න, ජයන්ති ලාල් ගොඩා හා බන්සාලි නිෂ්පාදනය කළ ගංගුබායි කතියාවාඩි චිත්රපටය, බූෂන් කුමාර්, කිෂන් කුමාර් දෙදෙනා නිෂ්පාදනය වික්රම් වෙදා චිත්රපට පෙළයි.
සිනමා විචාරකයින් පවසන්නේ ගංගුබායි කතියාවාඩි චිත්රපටය අනෙකුත් ඒවාට වඩා මෙම සම්මානය දිනා ගැනීමට වැඩි ඉඩක් පවතින බවයි. එමෙන්ම ඩ්රිෂියාම් දෙවැන්න හ වික්රම් වෙදා චිත්රපට දෙකද මීට තරගයක් දෙනු ඇතැයි සමහරුන් අතර විශ්වාසයක් මතුව තිබේ.