හිටපු නිල් රැජිණ “මියා කලීෆා”ට දියණියක් ?
මියා කලීෆා කියන්නෙ ලෝකෙම දැන අඳුනන නිල් චිත්‍රපට නිළියක්. (සමාවෙන්න ! ඒක හිටපු “නිල් නිළියක්” විදිහට වෙනස් වෙන්න ඕනි !) කොහොම වුණත් අයිඑස් ත්රස්තයින්ගේ තර්ජන හමුවේ නිල් චිත්‍රපට කර්මාන්තයට “ආයුබෝවන්” කියූ ඇය සූපවේදියෙකු සමඟ දීග කන්න පටන් ගත්තා.
ටික කාලෙකින් සූපවේදියාටත් “ආයුබෝවන්” කිව්ව ඇය දැන් ගෙවන්නේ හුදකලා ජීවිතයක්.
ඒ වුණත් සමාජ මාධ්‍ය තුළ නම් ඇය නිහඬ නෑ. “ටික්ටොක්”, “ඉන්ස්ටග්‍රෑම්” තුළත් ඇය අතිශය ජනප්‍රියයි.
පසුගිය දවසක ඇය විසින් මුදාහළ ටික්ටොක් වීඩියෝවක් අසාමාන්‍ය ලෙස කතාබහට ලක්වුණා.
“සොරි බේබිස්” කියන “කැප්ෂන්” එකත් එක්ක මුදාහැර තිබුණු මේ වීඩියෝවේ ඇය අම්මා කෙනෙකුගෙත් දියණියකගෙත් චරිත නිරූපණය කරනවා.
එය හුදෙක් ඇය විනෝදය සඳහා සිදු කළ හාස්‍යජනක වීඩියෝවක්. (හැබැයි ගොඩක් අය කියන්නේ මේක මියාත්, ඇගේ අනාගත දියණිය අතරත් සිදුවෙන්න නියමිත සංවාදයක් කියලයි.)
“අම්මේ මම ලොකු වුණාම ඔයා වගේ ඉන්න බලාගෙන ඉන්නවා” කියලා දුව අහන ප්‍රශ්නයට අම්මා දෙන්නෙ පුදුමාකාර උත්තරයක්.
“අම්මා පපුවට ඩොලර් 13, 000ක් සහ නාසයට ඩොලර් 15, 000ක් වියදම් කළා. ඒ නිසා සල්ලි එකතු කරන්න පටන් ගන්න...”
කෙසේ වෙතත්, බොහෝ දෙනෙක් මේ උපහාසාත්මක වීඩියෝවට විවිධ අදහස් පළ කර තිබුණා.
කෙසේ වෙතත්, නිව්යෝක් පෝස්ට් පුවත්පත මින් ඉහත වාර්තා කළේ, ලෙබනනයෙන් ඇවිත් ලොවක් ඇල්ලූ මේ සුන්දරත්වය, ශල්‍යකර්මයක නිෂ්පාදනයක් මිසක් ස්භාවධර්මයේ තෑග්ගක් නොවන බවයි.
By Lakshan
විදෙස් මාධ්‍ය