සිවුවසරක විවාහ සංවත්සරය සමරන අර්ජූන්, ගේබ්‍රියෙලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

එක් දරුවෙකුගේ මාපියන් වන සිනමා නළු අර්ජූන් රාම්පාල් හා දකුණු අප්‍රිකා මෝස්තර් නිරූපිකා ගේබ්‍රියෙලා ඩෙමෙට්‍රියාඩ්ස් දෙදෙනා මීට දින කිහිපයකට පෙර සිය සිවුවැනි විවාහ සංවත්සරය සැමරූ බව සඳහන් වෙයි. කෙසේ වෙතත්, අර්ජූන් හා ගේබ්‍රියෙලා අතර තවමත් නිල වශයෙන් විවාහයක් සිදු නොවි තිබිම විශේෂත්වයකි.

අර්ජූන් රම්පාල් සිය ඉන්ටර්ග්‍රැම්ස් ගිණුමට ඡායරූප කිහිපයක් හා විඩියෝවක් නිකුත් කරමින් තමන්ගේ සිව්වැනි විවාහ සංවත්සරය සැමරූ බව පවසා ඇත. එමෙන්ම අර්ජූන් මෙසේ කෙටි සටහනක්ද තම ඡායාරූඵ සමගින් එකතු කර තිබුණි. “සිහිනයක් තරම් මිහිරි වසර හතරක්. මගේ ආදරය. සියලුම සුන්දර මතකයන් සඳහා ඔබට ස්තූතියි. තවත් බොහෝ දේ කිරීමට ඇත.”