සල්මාන්ගේ මස්සිනා සියල්ල වමාරයි
මිට සති කිහිපයකට පෙර පවත්වනු ලැබු කත්රිනා කයිෆ් හා විකි කෞශාල්ගේ සුපිරි විවාහයට සල්මාන් පවුලේ කිසිවෙකුටත් ආරාධනා නොකළ බව සල්මාන්ගේ බාල නැඟණිය වූ අර්පිතා ඛාන්ගේ විවාහක සැමියා සිනමා නළු අයුෂ් ෂර්මා පවසා ඇත.
ඔහු ප්රකට වෙබ් අඩවියක සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මේ බව පවසා තිබුණි. අයුෂ් පවසා ඇත්තේ සල්මාන්ගේ පවුලේ කිසිවෙකු කත්රිනාගේ විවාහයට ආරාධනා නොලැබිම පිළිබඳව කතිකිවක් නොකළ බවත් එය හිතට ගැනිමට තරම් කාරණයක් නොවන බවද සල්මාන් පවුලේ සාමජිකයන් තමාට පැවසු බව ඔහු සඳහන් කර ඇත.