සල්මාන්ගේ නඩුව ගැන අයෙත් කතා බහක්
1998 වසරේදී අතිශය ජනප්රිය වූ ‘හම් සාත් සාත් හේ’ චිත්රපටයේ රූපගත කිරිම් අතරතුරදී වදවිමේ තර්ජනයට එවකට මුහුණපා සිටි දුර්ලභ කළු මුවන් දෙදෙනෙකුගේ දඩයම් කිරිම හේතුවෙන් සුපිරි බොලිවුඩ් සිනමා නළු සල්මාන්ට එරෙහිව තවමත් නඩුවක් විභාග ගත වෙමින් පවති.
මීට පෙර මෙම නඩුව දිල්ලි මහාධිකරණය තුළ විභාග ගත වූ නමුදු මිට දින කිහිපයකට පෙර මෙම දඩයම සිදුවු රාජස්ථාන් නගරයේ පිහිටි මහාධිකරණයට එම නඩුව මාරු කර තිබෙන බව සඳහන් වෙයි. දැනට ලැබෙන තොරතුරුවලට අනුව මෙම නඩුව ඉතා ඉක්මණින් යළිත් වතාවක් විභාග ගත කරන්නට සූදානම් කර ඇතිබවය.