සල්මාන්ගේ ‘ටයිගර්’ ෂුටිං බලන්න ලුලියා තුර්කියට ගිහින්
රුසියාව ඇතුළු විදෙස් රටවල් පහක රූපගත කරන ‘ටයිගර්’ තුන්වැන්නේ රූපගත කිරිම් නැරඹිබට සල්මාන්ගේ සමිප මිතුරියක් වූ රුමෙනියානු මෝස්තර නිරූපිකා ලුලියා වැන්තර්ද ගිය පුවතක් මේ වනවිට වාර්තා වෙයි.
ලුලියා තුර්කියේදී ‘ටයිගර්’ කණ්ඩායම සමග ගත කරමින් සිටින විඩියෝවක් සිය ‘ඉන්ටර්ග්රැම්ස්’ ගිණුම හරහා බෙදාගෙන තිබෙයි. ඇය පවසන්නේ ‘ටයිගර්’ තුන්වැන්න සඳහා ක්රියාදාම දර්ශන බොහෝමයක් ඇතුළත් කර තිබෙන බවය.