සල්මාන්ගේ අලුත්ම චිත්‍රපටයටත් ෂාරුක් ඛාන් එනවා
මේ වනවිට ක්‍රමයෙන් රූපගත කිරිම් කටයුතු අවසන් වෙමින් පවතින සල්මාන් ඛාන්ගේ ‘ටයිගර්’ තුන්වැනි චිත්‍රපටය සඳහාත් සුපිරි නළු ෂාරුක් ඛාන් ආරාධිත චරිතයකින් එක්ව තිබෙන බව සඳහන් වෙයි. සල්මාන් ඛාන් ඒ බව මිට දින කිහිපයකට පෙර මාධ්‍යය දැනුම්වත් කර තිබුණි.
ෂාරුක් ඛාන් මෙසේ සල්මාන්ගේ ‘ටයිගර්’ තුන්වැන්නේ පෙනි සිටින්නේ ‘පතන්’ චරිතය නිරූපණය කරමින් බව සඳහන් වෙයි. ‘පතන්’ යනු ෂාරුක් ඛාන් මේ වසරේ සිය ප්‍රේක්ෂකයින් හමුවන චිත්‍රපටයේ නමය. එහි සල්මන් ඛාන් ‘ටයිගර්’ හෙවත් ‘අවිනාශ්’ ලෙසින් පෙනි සිටියි.