සල්මාන් ‘ටයිගර්’ තුන්වැන්න සමග රුසියාවෙන් තුර්කියට යයි
‘කොවිඩ්’ වසංගත තත්ත්වය මධ්‍යයේ සිය ‘ටයිගර්’ තුන්වැන්නේ රූපගත කිරිම් ඉක්මණින් අවසන් කිරිමේ අරමුණින් සල්මාන් ඇතුළු පිරිස මේ වනවිට රුසියාවේ සිට තුර්කිය දක්වා පැමිණ තිබෙන බව වාර්තා වෙයි. ඒ දින 12ක රූපගත කිරිම් කටයුතු සඳහාය.
රූපගත කිරිම් අතරතුරදී ලැබුණ කෙටි විවේකයකදී සල්මාන් හ කත්රිනා දෙදෙනා තුර්කියේ සංස්කෘතික හා සංචාරක ඇමති ලෙස කටයුතු කරන නුරි අර්සෝයි හමුව ඇත. එහිදි ඔවුන් ඇමතිවරයා සමගින් ගත් ඡායාරූප කිහිපයක් මේ වනවිට ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුමට එකතු කර තිබුණ බව වාර්තා වෙයි.