සල්මන් ඛාන්ගේ අන්තිම ඇත්ත
අන්තිම්: ද ලාස්ට් ටෲත් සල්මන් ඛාන් රඟ පාන අලුත්ම චිත්රපටියයි. මහේෂ් මන්ජ්රේකාර් අධ්යක්ෂණය කරන මෙහි ආයුෂ් ශර්මා ද රඟ පාන්නේය. නොවැම්බර් 26 දා මෙය ලොව පුරා සිනමා ශාලාවල තිරගත වෙන්නට නියමිතය. ඒ වෙනුවෙන් සල්මන් විසින් චලන පෝස්ටරයක් ද නිර්මාණය කරනු ලැබ තිබිණි. මෙය 2018 දී තිරගත වූ මුල්ෂි පැටර්න් නම් මරාති චිත්රපටිය ඇසුරින් නිර්මාණය වී තිබේ. සල්මන් මෙහි පොලිස් නිලධාරියකෙුගේ චරිතයක් රඟ පාන අතර චිත්රපටිය නිෂ්පාදනය කරන්නේත් ඔහුමය.