සාලුට මරණීය තර්ජන කළ පුද්ගලයා අත්අඩංගුවට

  • 01-05-2023
  • Views 37

අප්‍රේල් මාසයේදී නිකුත් වීමට නියමිත කිසි කා බායි කිසි කා ජාන් චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන සුපිරි බොලිවුඩ් සිනමා නළු සල්මාන් ඛාන්ට මර්ණිය තර්ජනය කොට ඊ මේල් පණිවිඩයක් යැවූ තරුණයෙකු මේ වනවිට මුම්බායි පොලිසීය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

මෙසේ සල්මාන්ට මර්ණිය තර්ජනය කර ඇත්තේ 21 වැනි වියෙහි පසුවන රාජස්ථාන් ප්‍රාන්තයේ ජෝද්පූර් දිස්ත්‍රික්කයේ තරුණයෙක් බව සඳහන් වෙයි. සල්මාන්ගේ මිතුරා වන ප්‍රශාන්ත් ගුන්ජල්කාර් විසින් බන්ද්‍රා හි කරන ලද පැමිණිල්ලෙන් පසුව මුම්බායි පොලිසිය සහ රාජස්ථාන් පොලිසිය ඒකාබද්ධ මෙහෙයුමකින් පසුව මොහු අත්අඩංගුවට ගෙන ඇත.