සුරූපී ජාන්වී කපූර් සහ ජනප්‍රිය නළු වරුන් ධවාන් යුරෝපයට ගිහින් මොනාද කරලා තියෙන්නේ?
වරුන් ධවාන් සහ ජාන්වී කපූර් මේ දවස්වල කාලය ගත කරන්න යුරෝපයේ ඒ ඔවුන්ගේ නවතම චිත්‍රපටය වන බවාල් හි රූගත කිරීම් නිසා.
යුරෝපයේ ඉතාම සුන්දර දර්ශන සහිත ප්‍රදේශ රැසක බවාල් චිත්‍රපටය රූගත කිරීම් සිදු කෙරෙනවා. මේ චිත්‍රපටය 2023 වසරේ අප්‍රේල් මාසයේදී නිකුත් කිරීමට නියමිත බවයි කියන්නේ. චිත්‍රපටය ප්‍රේම කතාවක් පසුබිම් කරගෙන නිර්මාණය වන්නක්. එය නගරයේ සුරූපී තරුණියකට පෙම් බඳින තරුණයෙකුගේ කතාවක්. ඔහු ඇය සමඟ විවාහ වීමෙන් තම සමාජ තත්ත්වය ඉහළ නංවා ගැනීමට ඔහු බලාපොරොත්තු වෙනවා. නිතේශ් තිවාරි විසින් අධ්‍යක්ෂණය කෙරෙන මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ සජිත් නන්දිද්වාලා.
මේ වෙද්දි වරුන් සහ සහ ජාන්වී රූගත රූගත කිරීම් අතරතුර ගත්ත සුන්දර ඡායාරූප රැසක් සමාජ මාධ්‍ය වෙත නිකුත් කරල තියෙනවා. ඇම්ස්ටර්ඩෑම්හි රූගත කිරීම් නිම කිරීමෙන් පසුව පෝලන්තයේ ද රූගත කිරීම් යෙදිලා තියෙනවා. වරුන්ගේ බිරිඳ නතාෂා දාලාල්ද මේ ගමනට එක් වෙලා ඉන්නවලු.