සාරාට, චිත්‍රපට අධ්‍යක්ෂක කරන් ජෝහර්ගේ චිත්‍රපට දෙකක් ලැබෙයි
ක්‍රමයෙන් බොලිවුඩ් සිනමාව තුළ ස්ථාවර වෙමින් සිටින ජනප්‍රිය යොවුන් බොලිවුඩ් සිනමා නිළි සාරා අලී ඛාන්ට සුපිරි චිත්‍රපට නිෂ්පාදකවරයෙක් මෙන්ම අධ්‍යක්ෂවරයෙක්ද වන කරන් ජෝහර්ගේ චිත්‍රපට දෙකක් සඳහා එකතු කරගෙන ඇති බව වාර්තා වෙයි.
නිල වශයෙන් මේ බව සනාථ නොවුණද කරන් ජෝහර් සමිපතමයෙකු පවසා ඇත්තේ ඉදිරියේදී කරන් ජෝහර් විසින් නිර්මාණය කරන චිත්‍රපට දෙකක ප්‍රධාන නිළි චරිතය සාරාට වෙන්කර ඇති බවය. එමෙන්ම ආනන්‍යා පාණ්ඩේ, සුහානා ඛාන් හා ෂාහන්‍යා කපූර් යොදාද කරන් ජෝහර් මේ වනවිට කරන් චිත්‍රපටයක් නිර්මාණය කරන්නට සැළසුම් කර ඇති බවය.