සරාගී ප්‍රියංකාට අලුත් තනතුරක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ප්‍රියංකා චොප්රා ජෝනාස් මුම්බායි චිත්‍රපට උලෙළේ සභාපතිනිය ලෙස පත් කර තිබෙනවා. නීටා අම්බානි (සම සභාපති), අනුපමා චොප්රා (උත්සව අධ්‍යක්‍ෂ), අජේ බිජ්ලි, ආනන්ද් ජී. මහින්ද්‍රා, ෆර්හාන් අක්තාර්, ඊෂා අම්බානි, කබීර් ඛාන්, කෞස්තුභා ධව්සේ, කිරන් රාඕ ඇතුළු භාරකාර මණ්ඩලය විසින් ප්‍රියංකා ඒකමතිකව නම් කර ඇති බවයි සඳහන් වන්නේ.

පසුගිය සතියේදී මුම්බායි චලන රූප ඇකඩමිය (එම්ඒඑම්අයි) නව නායකත්ව වෙනස සමඟින් එළඹෙන වසර සඳහා සිය සැලසුම් එළිදක්වා තිබෙනවා. නව තනතුර ලද ප්‍රියංකා පවසා සිටින්නේ, මුම්බායි චිත්‍රපට උලෙළේ සභාපතිනිය ලෙස කටයුතු කිරීමට ලැබීම ගැන ආඩම්බර වන බවයි.
 
චිත්‍රපට උලෙළ සාර්ථකව ඉදිරියට ගෙන යාමට තමා බලාපොරොත්තු වන බවත් කෙටි කාලයක් තුළ බොහෝ වෙනස් වූ ලෝකයක චිත්‍රපට උලෙළේ නියම තැන සොයා ගැනීම සඳහා එය නැවත ප්‍රතිනිර්මාණය කිරීමේ අදහස්, සිතුවිලි හා සැලසුම් සමඟ මේ වෙනුවෙන් එක් වන බවත් ඇය පවසනවා

පසුගිය වසරේදී මුම්බායි චිත්‍රපට උලෙළේ සංවිධායකයන් විසින් කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් එහි 22 වැනි චිත්‍රපට උලෙළ කල් දැමුවා.

2022 මාර්තු 11 සිට මාර්තු 15 දක්වා චිත්‍රපට උලෙළ තාවකාලිකව ප්‍රකාශයට පත්කර තිබෙනවා.

 



More In Hot Story