සායිෆ්ගේ වැඩිමහල් පුත්‍රයා බොලිවුඩ් සිනමාවට පිවිසෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු සයිෆ් අලි ඛාන්ගේ පළමු විවාහයේ දරුවෙකු වන ඊබ්‍රාහිම් අලි ඛාන් මේ වනවිට බොලිවුඩ් සිනමා කාර්මාන්තයට පිවිස තිබෙන බව සඳහන් වෙයි. ඔහු මේ දිනවල කරන් ජෝහර් සමගින් වැඩ කරන අතර, ඒ ඔහුගේ අලුත්ම චිත්‍රපටය වූ ‘රොකී ඕර් රාණි කි ප්‍රේම් කහානි’ චිත්‍රපටයේය.

ඊබ්‍රාහිම් මෙහි සහය අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන අතර, කරන් ජේහර් මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන බව වාර්තා වෙයි. මෙහි රන්විර් සිං හා ආලියා භාට් ප්‍රධන චරිත නිරූපණය කරනු ලබයි. කෙසේ වෙතත්, සායිෆ් පවසන්නේ තම පුත්‍රය නළුවෙකු ලෙස සිනමා ගමනක් යාමට උනන්දුවෙන් සිටින බවය.