සායිෆ් එක්ක වැඩ කරන්න ලැබුණ එක ගැන රිතික් කියපුදේ
මේ වනවිට ආරම්භ වී ඇති ‘වික්රම්වෙදා’ දමිල චිත්රපටයේ බොලිවුඩ් නිර්මාණයේ රූපගත කිරිම් සඳහා එක්ව සිටින සුපිරි බොලිවුඩ් සිනමා නළු රිතික් රෝෂන් නැවත වරක් සායිෆ් අලී ඛාන් සමග වැඩ කරන්නට ලැබීම ගැන ඉතා සතුටට පත්වන බව පවසා ඇත.
රිතික් අවසන් වරට සයිෆ් සමගින් චිත්රපටයක වැඩ කර තිබුණේ 2002 වසරේදී වන අතර, ඔවුන් නැවතත් චිත්රපටයක පෙනී සිටින්නේ වසර 19කට පසුව වීම විශේෂත්වයකි. මෙම චිත්රපටයේ රූපගත කිරිම් මේ දිනවල මුම්මායි නගරයේ සිදු වෙමින් පවති.