සිය දරුවන් සමග ධනුෂ් ගෙවන ජිවිතේ
රජිණිකාන්ත්ගේ වැඩිමහල් දියණිය අයිශ්වර්යා සමගින් වසර 18කට යුග දිවිය මීට මාස කිහිපයකට පෙර නිමාවිය. දික් කසාදයෙන් පසුව තම දරුවන් වූ Yatra සහ Linga සමඟිග් මේ වනවිට වෙනමම පදිංචිව සිටින ධනුෂ් මීට දින කිහිපයකට පෙර නැවතත් දරුවන් සමග ප්‍රසිද්ධියේ දකින්නට ලැබුණී. චෙන්නායි හි පිහිටි සුපිරි සිනමා ශාලාවකදීය.
ඒ ඔහු සිය දරුවන් සමග 'Avatar: The Way Of Water චිත්‍රපටය නරඹන්නට පැමිණි සිටියදිය. චිත්‍රපට දර්ශනය නිමා වූ විගස ඔහු වට කරගත් ප්‍රේක්ෂකයින් ධනුෂ් සමගින් සෙල්ෆි ඡායාරූප කිහිපයකට මුහුණ දි තිබුණි. ධනුෂ් මේ දිනවල සිය අලුත්ම චිත්‍රපටය වූ කැප්ටන් කීලර් හි රූපගත කෙරෙන අතර, එහි ස්වරූපයෙන්ම ඔහු මෙම සිනමා ශාලාවට පැමිණ තිබිම විශේෂත්වයකි.