සමිරා රෙඩ්ඩි කිලෝ 11 අඩු කරගත්ත කතාව
කාලයක් දකුණු ඉන්දීය චිත්‍රපටවලට නැතුවම බැරි සිනමා නිළියක් වූ සමිරා රෙඩ්ඩි මේ වනවිට තාවකාලිව සිනමා කර්මාන්තයෙන් ඈත්ව සිටියි. එයට හේතුව නම් ඇය මේ වනවිට දෙදරු මවක් වීම නිසාවෙනි.
සිය දෙවැනි දරුවා ලැබීමත් සමග අධික ලෙස තරබාරු වු සමිර රෙඩ්ඩි මේ වනවිට සිය සිරුරෙන් කිලෝ ග්‍රෑම් 11ක් අඩු කරගෙන තිබෙන බව සඳහන් වෙයි. ඇය පවසන්නේ තමන් දෛනිකව යෝග ව්‍යායාම්වල නිරත විමෙන් තමා මෙසේ සිරුරේ බර අඩුකරගත් බවය.