සැමියාගෙන් දික්කසාද වී තනිවම දිවි ගෙවන, සුරූපී Mia Khalifa ගේ සංවේදී හෙළිදරව්ව
මීයා කලීෆා කියන නම ඇසූ සැණින් ඇය කවුද කියන්න ඔබ දන්නවද ? නිල් චිත්‍රපට නිළියක් ලෙස දැන අඳුනනවා වුණත්, ඇය එම වෘත්තියට සමුදීලා බොහෝ කාලයක්..
ඒ කොහොම වුණත්, ඇයට හිමි ආකර්ශනය නම් තවමත් අඩුවෙලා නැහැ. කාලෙන් කාලෙට ඇය ගැන විවිධ කතන්දර කරළියට එන්නේ ඒ නිසයි.
අලුත්ම ආරංචිය වන්නේ, මියා කලීෆා සිය සැමියා වන රොබර්ට් සැන්බර්ග් ගෙන් දික්කසාද වීමට තීරණය කර ඇති පුවතයි.
රොබර්ට් ස්වීඩන් ජාතිකයෙක් වන අතර මේ දෙදෙනාගේ විවාහය දැනට වසර දෙකකට කලින් සිදුවුණා. ඒ 2019 වර්ෂයේ දී.
කලීෆා නම් කියන්නේ, වසර දෙකක කාලයක් තුල නොගැලපීම ගළපාගෙන විවාහ ජීවිතය ඉදිරියට ගෙන යාමට උත්සාහ කලද තවදුරටත් එය කල නොහැකි බවයි.
"අපේ විවාහය සාර්ථක කර ගැනීම සඳහා අපි සෑමවිටම උත්සාහ කල බව විශ්වාසයෙන් කිව හැකියි. නමුත් වසරක පමණ කාලයක් තිස්සේ කළ උත්සාහයන්ගෙන් පසුව එයින් ප්‍රයෝජනයක් නොවන බැවින් අප දෙදෙනා වෙන්ව යාමට තීරණය කළා. අප දෙදෙනා සෑම විටම දෙදෙනාට ආදරය කරනවා. මේ විසදා ගත නොහැකි ප්‍රශ්නයට ඔහුටවත් මටවත් දෝෂාරෝපණය කරන්න බැහැ. අපි මේ පරිච්ඡේදය මෙතනින් අවසන් කරනවා. අපි දෙදෙනා තනිව පටන් ගත්තු දිම අපි දෙදෙනා විසින්ම අවසන් කරනවා. ඒත් වෙන කිසිම දෙයක් වෙනස් වන්නේ නැහැ. අපි දෙදෙනාගේ පවුලේ අයගේ සම්බන්ධකම්, යාලුවන්ගේ සම්බධතා සහ බල්ලන්ගේ ආදරය මේ කිසි දෙයක් වෙනස් වෙන්නේ නැහැ..."
"අප දෙදෙනා මේ විවාහ බැදීමෙන් මිදෙන එක විතරයි වෙන්නේ. අපි අපේ කාලය ගත්තා. ප්‍රශ්න විසදා ගැනීමට නොයෙක් වරක් උත්සහ කළා නමුත් දුකක් නැහැ අවසානයේ අතහැරීමට සිදු වුනා..."
කලීෆා සහ ඇගේ සැමියා 2020 ජුනි විවාහ උත්සවයක් ගැනීමට සිටියත් කොරෝනා උවදුර නිසා එම උත්සවය අවලංගු කිරීමට සිදුව තිබෙනවා.
පසුව ඔවුන් එම මාසයේම නිවසේදී විවාහ ගිවිසගෙන ඇති අතර, ඔවුන්ගේ නෑදෑයන් සහ මිතුරන් වෙනුවෙන් උත්සවයක් පැවැත්වීමටත් සිටි බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ.