සැමියා මිය ගිය නිසා ජනප්‍රිය නිළි මන්දිරා සොවින්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඉන්දියානු නිළියක, මෝස්තර නිර්මාණ ශිල්පිනියක, නිරූපිකාවක සහ රූපවාහිනී නිවේදිකාවක වන මන්දිරා බේඩි ලංකාවේද ප්‍රේක්ෂක ආදරය ඉහළින්ම දිනා ගත්තා. හැමෝගෙම ආදරය දිනු   ඇයගේ ආදරණීය සැමියා රාජ් කෞෂාල් මිය ගොස් තිබෙනවා. 

පසුගිය ජුනි 30 වැනිදා ඔහුගේ අභාවය සිදු වූයේ හෘදයාබාධයක් හේතුවෙන් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙන්නේ. ඒ හේතුවෙන් මේ දිනවල ඇය හා දරුවන් ඉතා දුකෙන් කාලය ගත කරන බවයි ඇය මාධ්‍ය වෙත කියා තිබෙන්නේ.

රාජ් කෞශාල් යනු ඉන්දියානු අධ්‍යක්ෂවරයෙක්, නිෂ්පාදකවරයෙක් මෙන්ම සටන් අධ්‍යක්ෂවරයෙක්. රාජ් කෞශාල් විසින් 'ඇන්තනි කෞන් හායි' (2006), 'ෂාදි කා ලඩ්ඩූ' (2004) යන චිත්‍රපට අධ්‍යක්ෂණය කොට නිෂ්පාදනය කර තිබෙනවා.. මන්දිරා සහ රාජ් ආදර කතාව ආරම්භ වූයේ 'ෂාදි කා ලඩ්ඩූ' චිත්‍රපටය සමඟින් බවත් සඳහන්. එහි ප්‍රධාන කාන්තා චරිතයට පණ පෙව්වේ මන්දිරා විසිනුයි. මන්දිරා සහ රාජ් අතර විවාහය 1999 පෙබරවාරි 14 වන දින සිදු වූ අතර 2011 වසරේදී ඔවුන්ගේ පවුලට වීර් නමින් පුතෙකු එකතු වුන. පසුගිය වසරේ ජූලි මාසයේදී මන්දිරා සහ රාජ් සිව් හැවිරිදි දැරියක් දරුකමට හදාගෙන ඇති අතර ඇයට ටාරා බේඩි කෞෂාල් ලෙසින් නම් තබා තිබෙනවා.