සම්මානනීය ගායක Kelly ලිංගික ජාවාරම් කිරීමේ නඩු විභාගයේදී වැරදිකරු බවට පත් වෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

R. Kelly කියන්නේ අතිශය ජනප්‍රිය ගීත බොහොමයක අයිතිකරුවෙක්. ඇමරිකානු ගායකයෙක් හා පද රචකයෙක්වන ඔහුට ආදරේ නොකරන කෙනෙක් නැහැ. ඔහු 1994 වර්ෂයේ ගායිකා Aaliyah සමඟ විවාහ වෙලා ඒ විවාහයෙන් දික්කසාද වෙන්නේ වසරකට පසුවයි. එනම් 1995 වර්ෂයේයි. පසුව ඔහු ඇමරිකානු Andrea Lee නම් වූ choreographer කෙනෙක් සමඟ විවාහ වෙනවා. ඔහු විවාහ වෙන්නේ 1996 වර්ෂයේදී. Andrea Lee සමඟ ඔහු 2009 වර්ෂය වනතුරු එකට ජිවත් වී පසුව Andrea Lee සමඟින් දික්කසාද වෙනවා.

මේ දිනවල ඔහු ගැන නිරන්තරයෙන්ම කතාබහ කරනවා. ඒ නඩු තීන්දුවක් සමඟ. ඒ තමයි දශක දෙකක් තිස්සේ බාල අපචාර දුෂණ සඳහා ඔහු දායක වීම. ඔහු දරුවන් සමඟ ලිංගිකව හැසිරීමට ඉතා ප්‍රිය කරන අතර බොහෝ දරුවන් සමඟ ලිංගිකව හැසිරුණු බවට සාක්ෂි සහිතව ඔප්පු වී තිබෙනවා. ඒවා අතරින් බොහොමයක් බලහත්කාරයෙන් දුෂණය කල ඒවායි. 
 
දශක දෙකක් තිස්සේ බාලවයස්කරුවන් යොදා ගනිමින් වීඩියෝ පට පටිගත කර නිෂ්පාදනය කර තිබෙන අතර එහි නඩු විභාග කලක පටන් සිදු කෙරුණු අතර ඊට කෙලී ලිංගික ජාවාරම් කිරීමේ නඩු විභාගයේදී වැරදිකරු බවට අද දින පත් වුනා. ඔහු ලිංගික දර්ශන සහිත වීඩියෝ නිෂ්පාදනය සඳහා යොදා ගත් දරුවන්ට නොමනා ලෙස සලකා තිබෙන බවත් ඔහුගෙ අවසරයකින් තොරව කෑමට බීමට හෝ නෑමට නොහැකි බවත් නඩුවට සාක්ෂි සපයමින් දරුවන් හා කාන්තාවන් පවසා තිබෙනවා. 
 
නමුත් Kelly තවමත් ඔහු වරදකරුවෙක් බව පිළිගෙන නැහැ. කාලයක් තිස්සේ ඔහුගෙන් කරදරයට පත් වූ කාන්තාවන් හා ළමුන් උසාවිය හමුවේ සාක්ෂි දී තිබෙන අතර ඉන් එක් කාන්තාවක් පවසා ඇත්තේ " මට දැන් නිදහසේ ජිවත් වෙන්න පුළුවන්, මේ කාරනා හෙළි කරාට පස්සේ මට ඔහුගෙන් සැඟවිලා ජිවත් වෙන්න පවා සිදු වුනා.." යනුවෙන් පවසා තිබෙනවා.