සමාජ මාධ්‍ය ජාලා කළඹන සාක්ෂි චොප්රාගේ ඡායාරූප
චිත්‍රපටි නිෂ්පාදිකා මීනාක්ෂි සාගර් ගේ දියණිය වන සාක්ෂි චොප්රා පදිංචිව සිටින්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේය. ගායිකාවක මෙන්ම ගීත රචිකාවක ද වන ඇය සමාජ මාධ්‍ය ජාලාවලට මුදා හරින බොහෝ ඡායාරූප අඩුවෙන් ඇඳුම් ඇඳගෙන ගන්නා ලද ඒවාය. විවාදයට තුඩු දෙන, අන්තර්ජාලය කළඹන ඒවාට ලැබෙන ප්‍රතිචාර පිළිබඳව ඇය කොහෙත්ම ලැජ්ජා වෙන්නේවත්, අපහසුවට පත් වෙන්නේවත් නැත. ඇය කියන්නේ තමන් කැමති ඇඳුමක් අඳින්නට කාන්තාවට නිදහස තිබිය යුතු බවය.
“මම මේ වෙනකොට සංගීතඥයන් කිහිප දෙනෙක් සමඟ ගීත කිහිපයක්ම ගායනා කරන්නට සූදානමින් ඉන්නවා.. ඒවා ඉක්මනටම ජනගත කරන්නට වේවි.. මේවා සමහරක් විරහ ගී.. තමන් ජීවිතය තුළ අතරමං වුණොත් මොන වගේ දැනෙන්නට ඉඩ ඇති දේවල් සමහර ගීතවල අන්තර්ගත වෙනවා..”
මෑතදී සූම් තාක්ෂණය ඔස්සේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් සාක්ෂි පැවසුවාය.
“ඇත්තටම ඉන්දියාවෙන් ඈත් වෙලා ගත කරන කාලය මට වේදනාවක්.. මම ඉක්මනටම ඉන්දියාවේ පදිංචියට එන්න බලාපොරොත්තු වෙනවා.. හැබැයි ඉතින් මෙහේ තනියම ජීවත් වෙද්දී මට ඕනෑ තරම් වැඩ කරන්න අවස්ථාව ලැබෙනවා.. ඒ වගේමයි මම මාව ගවේෂණය කරමින් ඉන්නවා.. මට කවදාවත් ඉන්දියාවේ ලේඩි ගාගා වෙන්න වුවමනාවක් නෑ.. ඒත් ඉන්දියාවේ සාක්ෂි චොප්රා කියලා හැමෝම මාව අඳුනා ගන්නවා දකින්න මට ආසයි..”
ඇය කියන්නීය.
ඇය මාධ්‍ය ජාලාවලට මුදා හරින අඩ නිරුවත් ඡායාරූප පිළිබඳව මාධ්‍යවේදියා විසින් විමසනු ලදුව ඇය පිළිතුරු දුන්නේ තමා අවුරුදු 13 දී සිටම එවන් ඡායාරූප පළ කරන බවය.
“ඒවට හුඟක් දෙනෙක් මට බැන්නා.. මුල් කාලයේදී නම් ඒ වගේ බැනුම් දරා ගන්න මට අසීරු වුණා.. හැබැයි ඊට පස්සෙ මම කිසිම කෙනෙක් කියන කිසිම දෙයක් ගණන් ගත්තෙ නෑ.. ඒ ඡායාරූප හරහා මට ගොඩාක් වැඩ ලැබුණා.. මම විශ්වාස කරන්නෙ කාන්තාවන්ට ඔවුන් කැමති ඇඳුමක් අඳින්න නිදහස තියෙන්න ඕන කියලා..” ඇය කීවාය.
ඇගේ අරමුණ වී තිබුණේ කවදා හෝ එතෙර රටක පදිංචි වී ගායන වෘත්තියෙන් අනාගතයක් සකස් කර ගන්නට බැව් ඇගේ දෙමව්පියන් දැන සිටියේ ඇයට අවුරුදු දොළහක් වූ කාලයේ පටන්මය.
“එයාලා ඒ ගැන පුදුම වුණේ නෑ.. ඒ වගේම මගේ ගමන වළක්වන්න උත්සාහ කළෙත් නෑ.. තාක්ෂණයට පින්සිදු වෙන්න අපිට දැන් වීඩියෝ හරහා ළඟ ඉන්නවා වගේම කතා කරන්න පුළුවන්.. මගේ අම්මයි තාත්තයි දික්කසාද වෙනකොට මගේ වයස අවුරුදු හතරයි.. මගේ අම්මා හැම වෙලාවෙම කිව්වෙ ඔයා කැමති ජීවිතයක් ඔයා ගෙවන්න කියලා.. තාත්තා බලපෑමක් කළෙත් නෑ..”
ඇය පැවසුවේ සිනාසෙමිනි.
ඇය ජ්‍යෙතිෂවේදියෙකු වන සිය පියා සමඟ නිරන්තරයෙන් කතාබහ කරන්නීය. ඔහු කියා ඇත්තේ කවදා හෝ දිනයක ඇය ජනප්‍රිය ගායිකාවක වන බවත් ඒ සඳහා වෙහෙසී වැඩ කළ යුතු බවත්ය.
“රෝහිත් ගෝලියා එක්ක තියෙන්නෙ මොන වගේ සම්බන්ධයක් ද..?”
මාධ්‍යවේදියා විමසූ විට ඇය සිනාසී එම ප්රශ්නය මඟ හැරියාය.
“මෙහේ සංස්කෘතිය ඉන්දියාවට වැඩිය වෙනස්.. මම බොහොම ස්වාධීන ජීවිතයක් ගත කරන කෙනෙක්.. මට සම්බන්ධකම් තිබිලා තියෙනවා.. ඒවා බිඳිලත් තියෙනවා..”
ඇය කීවේ ගණනකට නැතිවය.