සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ට කරදර පිට කරදර
සිය අලුත්ම චිත්‍රපටය වූ ‘පතන්’ හි වැඩ අවසන් කර ගැනීමට නොහැකිව සිටින සුපිරි නළු ෂරුක් ඛාන් මේ දිනවල සිය වැඩිමහල් පුත් ආර්යයන් නිසා දැඩි ලෙස කණස්සල්ලෙන් පසුවන බව වාර්තා වෙයි. මුම්බායි අධිකරණයට සිය පුත් නිදහස් කර ගැනීම සඳහා තුන්වැනි පාරටත් කළ ඇප ඉල්ලුම් පත්‍රය මේ වනවිට ඉවත දමා ඇති බවට තොරතුරු වාර්තා වේ.
ෂාරුක් මෙන්ම ෂාරුක්ගේ පවුලේ අයද මේ වනවිට මානසිකව ඇද වැටි තිබෙන අතර, ෂාරුක්ගේ බිරිඳ ගෞරිටද සිය සිරුරේ සිනි තත්ත්වය පාලනය කර ගත නොහැකි වී රෝගාතුර වී ඇති අතර, ඇයද මේ වනවිට පෞද්ගලික වෛද්‍යවරුන් කිහිප දෙනෙකුගේ අධික්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන් වෙයි.