සුපිරි බොලිවුඩ් නිළි ජැකලීන්ට නොතීසි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සුකේෂ් චන්ද්‍රශේකර්ගේ අපරාධ සම්බන්ධව නොදැන සිටිය බවට ශ්‍රී ලංකා සම්භවයක් ඇති සුපිරි බොලිවුඩ් නිළි ජැකලීන් ෆර්නැන්ඩස් කළ ප්‍රකාශය අසත්‍ය බවත් ඇය චන්ද්‍රශේකර්ගෙන් අඛණ්ඩව මූල්‍ය වරප්‍රසාද භුක්ති විඳ ඇති බවත් ඉන්දීය මූල්‍ය බුද්ධි ඒකකයේ චෝදනා පත්‍රයේ සඳහන් වන බව එන්.ඩී.ටී පුවත් සේවය වාර්තා කළේය.
 
මෙම සිද්ධිය සම්බන්ධව ප්‍රශ්න කිරීමට එළඹෙන 12 වෙනිදා දිල්ලි පොලිසියේ පෙනී සිටින්නැයි සහ විශුද්ධිකරණ නඩුවට අදාලව එළඹෙන 26 වෙනිදා දිල්ලි අධිකරණයේ පෙනී සිටින්නැයි පවසමින් ජැකලීන් ෆර්නැන්ඩස් හට නොතීසි යවා තිබෙන බව ඉන්දීය මාධ්‍ය ප්‍රකාශ කළේය.

සුකේෂ් චන්ද්‍රශේකර්ගේ අපරාධ සම්බන්ධව මෙන්ම ලීනා මරියා පෝල් චන්ද්‍රශේකර්ගේ බිරිඳ බවද  ජැකලීන් ෆර්නැන්ඩස් දැන සිටි බව චෝදනා පත්‍රයේ සඳහන් වන බව පැවසෙයි.
 
මෙම සියලු කරුණු නොසලකා හරිමින් සුකේෂ් චන්ද්‍රශේකර් සමඟ සබඳතාවය දිගටම පවත්වා ඇති අතර ඔහුගෙන් ලැබුණු වරප්‍රසාද භුක්ති විඳ ඇති බවද ඉන්දීය මූල්‍ය බුද්ධි ඒකකය පවසා තිබේ.
 
ඉන්දීය රුපියල් කෝටි 215 ක මුදලක් කප්පම් ගැනීම සම්බන්ධයෙන් ඉන්දීය මූල්‍ය බුද්ධි ඒකකය සුකේෂ් චන්ද්‍රශේකර්ට විරුද්ධව ගොනු කර ඇති මූල්‍ය විශුද්ධිකරණ නඩුවේ විත්තිකාරියක් ලෙස ජැකලින් ෆර්නැන්ඩස් නම් කර ඇතැයි ඉන්දීය මාධ්‍ය පසුගියදා වාර්තා කළේය.
 
විමුක්ති එස් රුද්‍රිගු - ලංකාදීප