සුපිරි බොලිවුඩ් චිත්‍රපට දෙකක වැඩ නතර කරයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඉන්දියාව පුරා නැවතත් කොවිඩ් වසංගත රැල්ලක් ආරම්භ වී ඇති හෙයින් සල්මාන් ඛාන්ගේ ‘ටයිගර්’ තුන්වැන්න හා ෂාරුක් ඛාන්ගේ ‘පතන්’ චිත්‍රපටයේ රූපගත කිරිම් කටයුතු මේ වනවිට අතරමඟ නවතා දමා තිබේ.

මාස හයක කාලයක් තිස්සේ මෙම චිත්‍රපටයේ රූපගත කිරිම් සිදු කරන අතර, ‘ටයිගර්’ තුන්වැන්නේ ප්‍රධාන නිළි චරිතයට පණ පොවන කත්‍රිනා කයිෆ්ගේ විවාහයත්, ‘පතන්’ චිත්‍රපටයේ ප්‍රධාන නළු චරිතයට පණ පොවන ෂාරුක් ඛාන්ගේ වැඩිමහල් පුත් ආර්යයන් මත්ද්‍රව්‍ය චෝදනාවක් මත අත්අඩංගුවට පත්වීමත් සමග මෙම චිත්‍රපටයේ රූපගත කිරිම්  පසුගිය කාලයේ තාවකාලිවනවතා දමා තිබුණී.