සුපිරි දකුණු ඉන්දීය නළුවාගේ පියා අභාවප්‍රාප්ත වෙයි

  • 04-05-2023
  • Views 56

දශක ගණනාවක් දකුණු ඉන්දීය සිනමාවේ නළුවෙකු ලෙස කටයුතු කරන අජිත් කුමාර්ගේ පියා වූ පී සුබ්‍රමනියම් හදිසියේ ඇතිවූ අසාධ්‍යය සෞඛ්‍ය තත්ත්වයකින් පසුව චෙන්නායිහිදී පසුගියදා අභාවප්‍රාප්ත වී ඇත. මිය යන විට සුබ්‍රමනියම් 85 වැනි වියෙහි පසුවිය.

පියා මිය යන විට අජිත් කුමාර් සිය බිරිඳ ශාලිනි හා දරුවන් සමග ඩුබායිහි නිවාඩුවක් ගත කරමින් සිටි අතර, මෙය සැළවීමත් සමග ඔහු සිය නිවාඩුව අවලංගු කොට නැවතත් චෙන්නායි බලා පැමිණ ඇත. සුබ්‍රමනියම්  කාලයක් ඉන්දී්‍ය සිනමා කර්මාන්තයටද සම්බන්ධ වී සිටි අයෙකි.