සුනිල් ෂෙට්ටි ආයෙත් ආතියා, රාහුල්ගේ විවාහය ගැන කියයි
ජනප්‍රිය බොලිවුඩ් සිනමා තරුවක් වන සුනිල් ෂෙට්ටි නැවත වරක් සිය දියණිය ආතියාගේ විවාහය සම්බන්ධව මාධ්‍යය දැනුම්වත් කර තිබේ. හින්දුස්තාන් ටයිම්ස් පුවත්පත සමග සාකච්ඡාවකට එක්වෙමින් සුනිල් ෂෙට්ටි පවසා ඇත්තේ නුදුරේම තම දියණිය ආතියා හා ක්‍රිකට් ක්‍රීඩක ලොකේෂ් රාහුල් සමගින් විවාහ වීමට නියමිත බවය.
ඔහු මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා තිබුණේ රාහුල් මෙන්ම තම දියණිය ආතියාද මේ වනවිට සිය විවාහය පවත්වන්නට දින සොයමින් සිටිනවා. විවාහයට සම්බන්ධ අනෙකුත් දැ සියල්ලම ඔවුන් දෙදෙනා විසින් මේ වනවිට සපුරාගෙන තිබෙනවා. ඇත්තේ ඔවුන් දෙදෙනාට පහසු දිනයක් සොයා ගැනීම පමණක් බව සුනිල් මෙහිදි සඳහන් කර තිබුණි.