සෝනාම් පරිපූර්ණ මවක් වෙන ලකුණු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

තමන් මව්පියන් වෙන්නට යවන පුවත සෝනාම් කපූර් සහ ආනන්ද් අහුජා විසින් ප්‍රසිද්ධියට පත් කරන ලද මොහොතේ සිටම වඩාත් ආනන්දයට පත් වූයේ සෝනාම් ගේ පියා අනිල් කපූර්ය.  සීයෙකු වීමේ අපූරු අත්දැකීමට මුහුණ දෙන්නට තමා පුලපුලා බලා සිටින බැව් ඔහු ප්‍රකාශ කර තිබිණි. මෑතකදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු කීවේ සිය දියණිය පරිපූර්ණ මවක් පමණක් නොව වැඩ කරන මවක් ද වන බැව් තමන් විශ්වාස කරන බවය. 

සෝනාම් ඇගේ මව සුනිතා කපූර්, නැන්දණිය කවිතා බහමාන් සිංහා සහ සුනිතාගේ අම්මාගේ ගතිගුණ සහිත බැව් අනිල් කපූර් කියන්නේය. කපූර් පවුලේ කාන්තාවෝ ඔවුන්ගේ ජීවිත කාලය පුරාම  සිය වෘත්තීන්වල නිරත වූහ. එම ආදර්ශය ගනිමින් සෝනාම් ද දරු ප්‍රසූතියෙන් පසුව එක දිගටම වැඩ කරනු ඇතැයි අනිල් කියයි. සුනිතා දිගටම ඇමෙරිකාවේ වැඩ කළ අතර නැන්දණිය දක්ෂ ගෘහ අලංකරණ ශිල්පිනියකි. අනිල් ගේ නැන්දම්මා ද බොහෝ වෙහෙසී වැඩ කළාය.  සෝනාම් ද එලෙස වැඩ කරන්නට ප්‍රිය කරන කාන්තාවක් බැවින් දුවක්, බිරිඳක්, රංගන ශිල්පිනියක් ලෙසින් සිය ජිවිතය සමබරව පවත්වාගෙන ගිය ඇය මවක් ලෙසිනුත් සිය කාර්යභාරය නොපිරිහෙළා ඉටු කරනු ඇතැයි අනිල් බලාපොරොත්තු වෙයි. 

සිය දියණිය ඉතා ත්‍යාගශීලී කාන්තාවක බැව් ඔහු  කියන්නේ ආඩම්බරයෙනි. එම නිසාම ඇයට ජීවිතය බොහෝ දේවල් තිළිණ කර තිබේ. ලන්ඩනයේ සහ දිල්ලියේ ගෙවල් දෙකක් තිබියදීත් ඇයට  මුම්බායි හි අලුත් නිවසක්  ලැබෙන්නට නියමිත බැව් ඔහු කීවේය.