සිනමා නිළි මංජු වෝරියර්ගේ පළමු දමිල ගීතය එළිදකියි
දකුණු ඉන්දීය සිනමාවේ අතිශය ජනප්‍රිය සිනමා නිළියක් වන මංජු වෝරියර්ගේ පළමු දමිල ගීතය ‘කිම් කිම්’ එළිදක්වා ඇත. මීට පෙර මලයාලම් චිත්‍රපට කිහිපයකම පසුබිම් ගායනයට සම්බන්ධව ඇති මංජු දමිල ගීතයක් නිකුත් කළ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.
මෙම ‘කිම් කිම්’ ගීතය ඇය ඉදිරියේදී රංගනයෙන් දයක වන දමිල චිත්‍රපටයක් සඳහා නිර්මාණය වූවක් බව සඳහන් වෙයි. මෙහි සංගීතය රාම් සුරේන්දර් විසින් රචනා කර ඇති අතර ගී පද රචනා කර ඇත්තේ ලලිතානන්ද් විසිනි.