සුන්දරත්වයෙන් පිරුණු දීපිකාගේ අතීතය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

තමා සහ කත්‍රිනා කායිෆ් ක්ෂේත්‍රයට එද්දී නළුනිළියන් විසින් මහජන සම්බන්ධතා නිලධාරින් හා කළමනාකරුවන් ගේ සහයෝගය ලබා ගන්නා ප්‍රවණතාවක් පැවති බවත්, එහෙත් තමන්ට ඒ කිසිවෙකු නොසිටි බවත් පසුගිය දා පැවති මාධය හමුවකදී දීපිකා පදුකෝන් පවසා තිබිණි. දීපිකා ක්ෂේත්‍රයට පැමිණියේ 2007 තිරගත වූ ඕම් ශාන්ති ඕම් චිත්‍රපටියේ රඟ පාමිනි. කත්‍රිනා ගේ මුල්ම චිත්‍රපටිය බූම්ය. එය 2003 තිරගත වූයේය. 

“අපිට මඟ පෙන්නන්න කවුරුවත් හිටියෙ නෑ.. අපි අපේම වැරදි තුළින් ඉගෙන ගනිමින් තමයි ඉස්සරහට ආවේ.. අපිම කොණ්ඩ මෝස්තර දා ගත්තා.. අපිම නිර්මාණය කර ගත්ත ඇඳුම් ඇන්දා.. අද කාලෙ ක්ෂේත්‍රයට නවකයන් සියලු දෙනාම ක්ෂේත්‍රයට එන්නෙ හොඳ සූදානම් වීමකින් පසුවයි.. කොහොමද ඉඳ ගන්නෙ, කොහොමද හිටගෙන ඉන්නෙ, කොහොමද තමාව පාලනය කර ගන්නෙ, මොනවද කියන්නෙ, මොනවද නොකියන්නෙ, මොකක්ද අඳින්නෙ, මොකක්ද අඳින්න හොඳ නැත්තෙ, කොණ්ඬේ හදන්නෙ කොහොමද, මේකප් දාන්නෙ කොහොමද මේ හැමදේම ඔවුන්ට කියලා දෙන්න අය ඉන්නවා.. මගේ හිතේ එක පැත්තක් කියනවා ඒක නියමයි අපිට මේ වගේ කියලා දෙන්න කවුරුවත් හිටියෙ නෑනෙ කියලා.. එතකොටම අනිත් පැත්ත කියනවා එහෙම නොහිටිය එක හොඳයි, ඒකෙන් තමයි තමන්ට තමන් කවුද කියලා තේරුම් ගන්න ඉඩ ලැබුණේ කියලා..” දීපිකා කියන්නීය. 

මේ දිනවල දීපිකා සිටින්නේ සිය අලුත්ම චිත්‍රපටිය ගෙහරයියාන් සාර්ථකව තිරගත වීම පිළිබඳ ප්‍රීතියෙනි. සිද්ධාන්ත් චාතුර්වේදි, අනන්‍ය පාණ්ඬේ, ධාරියා කර්වා ඇතුළු පිරිසක් රඟ පාන මෙම චිත්‍රපටිය ශකුන් බත්‍රා ගේ අධ්‍යක්ෂණයකි.