සින්දා බන්දා ගීතය නිර්මාණය කරන්න කෝටි 15ක්
මේ වනවිට යූ ටියුබ් සමාජ වෙබ් අඩවිය තුළ වාර්තා පිට වාර්තා තබන ඇට්ලේ කුමාර්ගේ ජවාන් චිත්රපටයේ සින්දා බන්දා ගීතය රූපගත කරන්නට පමණක් ඉන්දීය රුපියල් කෝටි 15ක වියදමක් දරන්නට වූ සිදු වු බව වාර්තා වෙයි.
බොහෝ දෙනෙකු පවසන්නේ එය ඉන්දීය චිත්රපට ගීතයක් සඳහා වියදම් වූ ඉහළම මුදල බවය. එහෙත්, රාජිණිකාන්ත් හා අයිශ්වර්යා රායි රංගනයෙන් දායක වූ රොබට් (එන්දිරන්) චිත්රපටයේ එන රොබට් ගීතය නිර්මාණය කරන්නට ඉන්දීය රුපියල් කෝටි 20ක මුදලක් වැය වී තිබෙන බව නිල නොළත් ආරංචි මාර්ග පවසා ඇත.