සනී ලියෝන්ගේ නමත් ඉහළට එයි
නිල් චිත්‍රපට නිළියක් ලෙස සිය රංගන දිවිය ආරම්භ කළද මේ වනවිට ඉන්දියාවට නැතිවුම බැරි සිනමා නිළියක් බවට පත්ව සිටින සනී ලියෝන් පිළිබඳව මේ දිනවල බොහෝ මාධ්‍යයන් කතා බහා කරමින් සිටියි. ඒ ඇය ‘කොවිඩ්’ වසංගතය නිසාවෙන් අසරණව සිටින ඉන්දීය ජනයාට නිරන්තරයෙන්ම සහන සැපයීමට මුලීකත්වය ගෙන කටයුතු කිරිම හේතුවෙනි.
මේ දිනවල ඇය මුම්බායි, අන්ද්‍රා හා මහාරාෂ්ට ප්රාන්ත්වල සිටින අසරණ ඉන්දීය ජනතාවට කැම බීම ලබා දෙමින් සිටින බව වාර්තා වෙයි. ඇය මේවා සියල්ල සිදු කරන්නේ ඇයගේ පෞද්ගලික මුදලෙන් වීම විශේෂත්වයකි. එමෙන්ම ඇය ‘කොවිඩ්’ අරමුදල් සෙවීම පිණිස රූපවාහිනි වැඩසටහන් මාලාවක් සඳහාද පසුගිය කාලයේ එක්ව සිටි බව වර්තා වෙයි.