සනී, ජැකලින් පරදා මුල්තැනට ආ සමන්තා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

බොලිවුඩ් මෙන්ම කොලිවුඩ් චිත්‍රපට සඳහා මේ වනවිට නැතුවම බැරි අංගයක් බවට ආරාධිත නර්තන අංගයක් ඇතුළත් ගීත පත්ව ඇත. මෙම ගීත බොහෝ අවස්ථාවලදී ‘අයිටම් නම්බර්’ ලෙස හඳුන්වන අතර, එය ප්‍රේක්ෂකයන් සිනමා ශාලාවලට ඇදගන්නට තරම් මේ වනවිට ප්‍රබල සාධකයක් බවටද පත්ව ඇත.

අති සාර්ථකව ප්‍රදර්ශනය වන ‘පුෂ්පා’ චිත්‍රපටයේද මෙවැනි නර්තන අංගයක් ඇතුළත්ව තිබෙන අතර, ඒ සඳහා සුරූපි සමන්තා රිතු ප්‍රභාස් දායකව ඇත. ඇයට ඒ සඳහා ගෙවා ඇති මුදල ඉන්දීය රුපියල් කෝටි 5ක් බව සඳහන් වෙයි. සනි ලියොන් මෙන්ම ජැකලින් ෆර්නැන්ඩෙස් මෙවැනි ගීතයක් සඳහා නර්තනයෙන් දායක වීමටකෝටි 3ක මුදලක් අය කරනු ලබයි.