සිද්ධාර්ත්ගේ ‘ශර්ෂා’ චිත්‍රපටයට ලැබුණ ප්‍රතිචාර
ප්‍රකට IMDb චිත්‍රපට ශ්‍රේණිගත කිරිම් වෙබ් අඩවිය මඟින් 2021 වසරේ ඉහළම රසික ප්‍රතිචාර ලැබුණ ඉන්දීය චිත්‍රපට අතරට, සිද්ධාර්ත් මල්හෝත්‍රා හා ක්යාරා අද්වානි රංගනයෙන් දායක වූ ‘ශර්ෂා’ මුල් තැනට නම් කර තිබේ.
එමෙන්ම දකුණු ඉන්දීය සිනම නළු සූර්යා රංගනයෙන් දායක වූ ‘ජයිබිම්’ චිත්‍රපටයටද එවැනිම රසික ප්‍රතිචාර ප්‍රමාණයක් හිමිව තිබෙන බව ඔවුන් පවසා තිබේ. කෙසේ වෙතත්, ඉහළම ආදායම් උපයා ගත් ආක්ෂේ කුමාර්ගේ ‘සූර්යවංශි’ හා රජිණිකාන්ත්ගේ ‘අන්නාතා’ චිත්‍රපටයට එවැනි රසික ප්‍රතිචාර ප්‍රමාණයක් හිමි නොවුණ බවද මෙම වෙබ් අඩවිය සඳහන් කර ඇත.