සංජේ ලීලා බන්සාලි හදිසියේම ලන්ඩන් ගිය හේතුව
පසුගිය නොවැම්බර් 25 වැනිදා බොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂක සංජේ ලීලා බන්සාලි එංගලන්තයේ ලන්ඩන් නුවරට ගොස් ඇත. ඒ British Academy Film Awards කේන්ද්‍ර කොට ගෙන පවත්වන සමුළුවක් ඇමතීම සඳහාය.
වාර්තාවන අන්දමට සංජේ මෙම සිනමා සම්මාන උළෙල සඳහා පිටත්ව ගොස් ඇත්තේ ඔහු නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළ ගංගුබයි කතියාවාඩි චිත්‍රපටය සම්බන්ධ කතා කිරීමටය. සංජේ පවසන්නේ තමන් කොතරම් වෙනස්ම තේමා ඔස්සේ චිත්‍රපට නිර්මාණය කළද මෙසේ ජාත්‍යන්තර ඇගයිමකට ලක් වූයේ ගංගුබායි කතියාවාඩි චිත්‍රපටය පමණක් බවය.