සුකේෂ් නිසා සිනමා නිළි ජැකලින්ට වෙන්න යන දේ
සුකේෂ් චන්ද්‍රසේකර් නමැති පතාල නායකයා සමග සම්බන්ධකම් පැවැත්වීම හේතුවෙන් මේ වනවිට ඉන්දියාව තුළ දැඩි කතා බහක් ජැකලින් ෆර්නැන්ඩෙස් කෙරෙහි මතුව තිබේ. ඉන්දීය රුපියල් කෝටි 200ක කප්පම් ගැනීමේ නඩුවකට මේ වනවිට සුකේෂ් හසුව තිබෙන අතර, ජැකලින්ද ඊට සම්බන්ධ චුදිතයෙකු බවට චෝදනා ගොනු වි තිබේ.
මෙම කප්පම් ගැනීමෙන් පසුව ජැකලින්ට සුකේෂ් විසින් මිල අධික තෑගි කිහිපයක් පිරිනමා තිබෙන අතර, ඒ සියල්ලේම වටිනාකම පමණක් ඉන්දියන් රුපියල් කෝටි කෝටි 5.71කට වඩා අධික බව වාර්තා වෙයි. සුකේෂ් විසින් ජැකලින්ට දුන් තැගි අතර, පර්සියානු බළලුන් යුවළක්, අශ්වයන් සහ දියමන්ති ආභරණ මෙන්ම මිල අධික මෝටර් රථයක්ද තිබේ.