සුකේෂ් නිසා අසරණ වුණ ජැකලින්ට, සල්මාන් දුන්න උපදෙස්
කප්පම්කරුවෙකු ලෙස මේ වනවිට චෝදනා ලබා සිරගතව සිටින සුකේෂ් චන්ද්රසේකරගෙන් ඈත්ව සිටින ලෙස තමන් කාලයක සිට ජැකලින්ව දැනුම්වත් කළ බව සල්මාන් ඛාන් පවසා තිබේ. කෙසේ වෙතත්, සුකේෂ් සමගින් සමිපව සිටි කාලයේ ජැකලින් ඇයට සමිපව සිටි සියලු දෙනාවම අමතක කර සිටි බව ඔහු කියයි.
එහෙත්, අමාරුවේ වැටි සිටින ජැකලින්ට උපදේශයක් ලබාදීම තම යුතුකම පවසන සල්මාන්, සුකේෂ්ගෙන් ඈත්ව සිටිමට දැන් සිට කටයුතු කරන ලෙසත් ඔහු ඉතා අමාරුකාරයෙක් බවත් සල්මාන්, ජැකලින්ට දැනුම්දුන්බව පවසා ඇත. සුකේෂ් නිසා මේ වනවිට ජැකලින්, නෝරා ඇතුළු ජනප්රිය නවක නළුනිළියන් රැසකගේ නම් කැත වී තිබෙන බව ඉන්දීය පුවත් වාර්තා කර තිබේ.