ෂාහිඩ් ඛාන් ආයෙත් චිත්‍රපටවල දකින්න පුළුවන්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ෆාරා අලී ඛාන් අධ්‍යක්ෂණය කළ මේන් හූනා චිත්‍රපටයේ ලක්ෂ්මන් ප්‍රසාද් ෂර්මා හෙවත් ලකීගේ චරිතයට පණ පෙවූ ශෙයිඩ් ඛාන් වසර ගණනාවක් තිස්සේ බොලිවුඩයේ දකින්නට නොලැබුණ නළුවෙකි. රිතික් රෝෂන්ගේ හිටපු මස්සිනා මෙන්ම සූසෑන් ඛාන්ගේ සොහොයුරා වන ශෙයිඩ් අවසන් වරට බොලිවුඩ් චිත්‍රපටයක දකින්නට ලැබුණේ මීට වසර පහළොවකට පෙරදීය.

පසුගිය සති අන්තයේදී සිය ඉන්ස්ටර්ග්‍රැම් පිටුව යාවත්කාලීන කරමින් "ආයුබෝවන් මගේ රසිකයිනි. ඔබගේ ආදරය සහ සහයෝගය සහිතව, මට සිනමාවට ඇවිල්ලා දැන් වසර 20 ක් ගතවී තියෙනවා. මගේ අලුත්ම චිත්‍රපටය මේ වනවිට ප්‍රදර්ශනයට සූදානම්. ඒ බව මම කියන්නේ සතුටින්. නැවතත් ආදරණිය ඔබ සමග මට සිනමාව හරහා එකතු වෙන්න අවස්ථාවක් ඇවිල්ලා. " ශෙයිඩ් ඛාන් පවසා ඇත.