ෂාරුක්ගේ පවුලත් එක්ක දිපීකාගේ තියෙන බැඳිම
ෂාරුක් ඛාන් හා දිපීකා පදුකෝන් කියන්නේ වර්තමානයේ බොලිවුඩයේ ඉන්න සුපිරිම තරු යුවළක්. එයට හොඳම උදාහරණය තමයි මේ වනවිට ඔවුන් දෙදෙනා රංගනයෙන් දායක වෙන පතාන් චිත්‍රපටය ලබා ඇති සාර්ථකත්වය. මෑතකදී දිපීකා, ෂාරුක්ගේ බාල පුත් ඒබ්‍රහිම් හා ඇය පෙනි සිටින ඡායාරූපයක් සිය සමාජ පිටු අතර පළ කර තිබීමය.
ෂාරුක් පවසන්නේ තම පවුල සමග සමීප සම්බන්ධකමක් දීපිකාට ඇති බවය. දිපීකා මෙසේ ඒබ්‍රහිම් සමග පෙනි සිටින්නේ පතාන් චිත්‍රපටයේ එන බේශාරම් ගීතය රූපගත කළ ස්පඤ්ඤයේ සුප්‍රසිද්ධ මුහුදු තිරයේදී ගත් ඡායාරූපයකදීය. ඇය පවසන්නේ තමන් ඒබ්‍රහිම් සමග යම් දිනෙක රඟපාන්නට කැමැත්තෙන් සිටින බවය. එය සිදුවේද නැද්ද යන්න තමන් තුළ විශ්වාසයක් නැතිමුත් එය සිදුවේ නම් තමා ඉතා සතුටට පත්වන බවද ඇය පවසා ඇත.