ෂාරුක්ගේ පතාන් චිත්රපටය කෝටි දහස ඉක්මවයි
ඉන්දියාවේ ඉහළම ආදායමක් උපයාගත් දෙවැනි බොලිවුඩ් චිත්රපටය බවට පත් වන්නට සිද්ධාර්ත් ආනන්ද්ගේ පතාන් චිත්රපටය මීට දින කිහිපයකට පෙර සමත් වුණි. වාර්තා වන අන්දමට එය දැනට උපයාගෙන ඇති මුදල ඉන්දීය රුපියල් කෝටි 1039කි.
මෙය ෂාරුක් ඛාන්, දිපීකා පදුකෝන්, ජෝන් ඒබ්රහිම් මෙන්ම සල්මාන් ඛාන්ද රඟපෑ ඉහළ ආදායමක් උපයාගත් චිත්රපටය ලෙස බොලිවුඩ් සිනමා ඉතිහාසයට එක් වෙයි. තවමත් බොලිවුඩයේ ඉහළම ආදායමක් උපයාගත් චිත්රපටය බවට පත්ව සිටින්නේ අමිර් ඛාන් රඟපෑ දංගල් චිත්රපටයි.