ෂාරුක්ගේ පුතා ආර්යයන් අලුත් ව්‍යාපරයකට අතගහලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

රෙඩ් චිලීස් එන්ටර්ටේන්මන්ට් නිෂ්පාදක ආයතනය හරහා නිකුත් කරන  වෙබ් කතා මාලාවක ලේඛකයා සහ නිර්මාතෘවරයා ලෙස ඔහුගේ පළමු ව්‍යාපෘතිය එළිදක්වා දින කිහිපයකට පසු, ෂාරුක් ඛාන්ගේ පුත් ආර්යන් ඛාන් ඔහුගේ නව ව්‍යාපාරය පිළිබඳව නිවේදනය කළේය. ඔහුගේ නව ව්‍යාපාරය වන්නේ වොඩ්ක මත්පැන්, සුඛෝපභෝගී ඇඳුම් විලාසිතා ඔන්ලයින් ක්‍රමයට හා මහා පරිමණ ලෙස වෙළෙඳ පොළට නිකුත් කිරීමය.

ආර්යන් ඔහුගේ ව්‍යාපාරික හවුල්කරුවන් වන Leti Blagoeva සහ Bunty Singh සමඟ පෙනි සිටින ඡායාරූප කිහිපයක්ම සිය Instagram එකතු කර තිබෙනු දක්නට ලැබුණි. Vogue සඟරාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්, ආර්යන් කියා තිබුණේ මෙම ව්‍යාපාරය පිළිබඳ අදහස වසර ගණනාවකට පෙර තමාට පැමිණියේ කැලිෆෝනියාවේ USC හි ශිෂ්‍යයෙකුව සිටියදී බව පවසා තිබුණි.