ෂාරුක්ගේ ‘ජවාන්’ චිත්රපටයේ රූපගත කිරිම් අවසන් අදියරයේ
ඇට්ලි කුමාර් විසින් අධ්යක්ෂණය කරන ‘ජවාන්’ චිත්රපටයේ අවසන් අදියරයේ රූපගත කිරිම් කටයුතු මේ දිනවල ඉන්දියාවේ රාජස්ථාන් නගරයේ සිදු කරමින් පවතියි. මීට ෂාරුක් ඛාන් හා නයන්තාරා එකතුව සිටින අතර, ඔවුන් දින 20ක් පුරා මෙහි රූපගත කිරිම් කටයුතු සදහා එකතුව සිටින බව වාර්තා වෙයි.
මෙම චිත්රපටය ලබන වසරේ සල්මාන් ඛාන්ගේ ‘ඩබාන්ග්’ චිත්රපටය ප්රදර්ශනය වන දිනයේදී නිකුත් කිරිමට සැළසුම් කර ඇත. ෂාරුක්, නයන්තාරාට අමතරව මෙහි දකුණු ඉන්දීය සුපිරි නළු තලපති විජේද ආරධිත චරිතයක් සඳහා දායක වන බවට තොරතුරු ලැබේ.