ෂාරුක් දාලා හිරුණි කරන චිත්‍රපටය 2023 වසරේ එනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඉහළම ආදායම් උපයා ගත් බොලිවුඩ් චිත්‍රපට රැසක් නිර්මාණය කළ ප්‍රවිණ චිත්‍රපට අධ්‍යක්ෂක රාජ්කුමාර් හිරුණි නිර්මාණය කරන ‘ඩන්කි’ ලබන වසරේ දෙසැම්බර් 22 වැනිදා ප්‍රදර්ශනය කිරිමට සූදානම් කර ඇත.

‘ඩන්කි’ හි ප්‍රධාන නළු චරිතය සුපිරි බොලිවුඩ් සිනමා නළු ෂාරුක් ඛාන් විසින් නිරූපණ්ය කරන අතර, ඔහු හිරුණිගේ චිත්‍රපටයක රංගනයෙන් දායක වන පළමු අවස්ථාව මෙය බවීම විශේෂත්වයකි. කෙසේ වෙතත්, ෂාරුක් ඛාන් පෙනි සිටින චිත්‍රපට කිහිපයක්ම 2023 වසරේ නිකුත් වීමට තිබේ.