ෂාරුක් ඛාන්ගේ අලුත් චිත්‍රපටයක රූපගත කිරිම් ඇරඹේ
ඇට්ලේ කුමාර්ගේ ‘පතන්’ චිත්‍රපටයේ වැඩ කටයුතු අවසන් වූ වාහම එහි ප්‍රධාන චරිතයට පණ පෙවූ ෂාරුක් ඛාන් නැවත වරක් ඇට්ලේ කුමාර්ගේ චිත්‍රපටයකට මේ වනවිට සම්බන්ධව සිටින බව සඳහන් වෙයි.
චිත්‍රපටයේ රූපගත කිරිම් කටයුතු මේ වනවිට මුම්බායි නගරයේදී සිදුවන අතර, ෂාරුක් ඛාන් සමගින් දමිල සිනමා නිළි නයන්තාරා හ ‘දංගල්’ චිත්‍රපටය හරහා බොලිවුඩ් සිනමාවට එකතු වූ සාන්යා මල්හෝත්‍රාද මෙහි රංගනයෙන් දායක වන බව සඳහන් වෙයි. කෙසේ වෙතත්, වාර්තා වන්නේ මෙය සිමිත දින ප්‍රමාණයකට සිදු කෙරෙන රූපගත කිරිම් කටයුත්තක් බවය.