ශිල්පාගේ පාදයේ ආබාධය සුව අතට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දින කිහිපයක් තිස්සේ වම් පාදයේ ආබාධයක ලක්ව සිටි ශිල්පා ෂෙට්ටි මේ වනවිට ඉන් සුවය ලබා තිබෙන බව වාර්තා වෙයි. මීට දින කිහිපයකට පෙර පැවැති ගණපති උත්සවයේදී ඇය සිය සැමියා වූ රාජ් කුන්දර් මෙන්ම සහෝදරිය වූ සමිතා ෂෙට්ටි සමගින් නැටුමින් ගැයුමින් විනෝද වෙන අයුරු පැපරාසි කැමරා කාචවලට හසුව තිබේ.

ශිල්පා මෙසේ ආබාධයට ලක්ව තිබුණේ මීට සතියකට පෙර ඇය විනිසුරුවරියක් ලෙස කටයුතු කරන රියැලටි තරගයක් අතරතුරදීය. ඒ තරගකාරියක් සමග නර්තනයේ යෙදෙමින් සිටිද්දි බව සඳහන් වෙයි. කෙසේ වෙතත්, ශිල්පා පවසන්නේ තමන්ගේ පාදයේ ආබාධය ඉතා ලොකු එකක් නොවුණ බවය.