ශිල්පා ශෙට්ටි සිපගත් අසභ්‍ය නඩුවෙන් මුම්බායි අධිකරණයක් ශිල්පා ෂෙට්ටි නිදහස් කරයි
2007 වසරේ හොලිවුඩ් නළු රිචඩ් ගේර් ප්‍රකට බොලිවුඩ් නිළි ශිල්පා ශෙට්ටි සිපගත් අසභ්‍ය නඩුවෙන් මුම්බායි අධිකරණයක් ශිල්පා ෂෙට්ටි නිදහස් කර තිබෙනවා. රිචර්ඩ් ගිය, ඒඩ්ස් ගැන දැනුවත් කිරීමේ වැඩසටහනකදී වේදිකාව මතදී ශේට්ටි ව සිප ගෙන තිබුණා.
රිචර්ඩ් පවසා තිබුණේ සිප ගැනීමෙන් ඒඩ්ස් නොසෑදෙන බව පෙන්වීම සඳහා තමා ශිල්පා ශේට්ටිව සිප ගත් බවයි. තමා එම සිදුවීම සම්බන්ධයෙන් කණගාටු වන බව පසුව ඔහු පවසා තිබුණා.
එම සිද්ධියෙන් අනතුරුව හින්දු දැඩි මතධාරීන් විරෝධතා පැවැත්වූ අතර ඔවුන් එම සිදුවීම හඳුන්වූයේ ඉන්දීය ආචාරධර්මවලට කළ අපහාසයක් ලෙසය. නඩුව වසර 15ක් පුරා ඇදී ගිය අතර අවසානයේදී මුම්බායි අධිකරණය විසින් ඇයව නිදහස් කර තිබෙනවා.