ශරිනාගේ මව දැඩි සත්කාරක ඒකකයට ඇතුලත් කරයි
සල්මාන් නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළ ‘වීර්’ චිත්‍රපටය තුළින් බොලිවුඩ් සිනමාවට පිවිසි ශරිනා ඛාන් මෑත කාලයේ බොලිවුඩ් චිත්‍රපට කිහිපයකම දකින්නට ලැබුණ නිළියකි. කෙසේ වෙතත්, ශරිනා ගැන මේ වනවිට දුක් මුසු ආරංචියක් වාර්තාවන අතර, ඇයගේ මව අධික ලෙස රෝගාතුර දැඩි සත්කාරක ඒකකයට ඇතුළත් කර ඇත.
ශරිනා මේ පිළිබඳව සිය ඉන්ටර්ග්‍රැම්ස් ගිණුම හරහා සිය රසික පිරිස් දැනුම්වත් කර තිබෙන අතර, ඇය ඔවුන්ගෙන් ඉල්ලා ඇත්තේ සිය මව වෙනුවෙන් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන ලෙසය. ශරිනාගේ මව මේ වනවිට 64 වැනි වියෙහි පසුවෙයි.