‘ශම්සේරා’ චිත්‍රපටයේ ගුණාත්මක පිටපතක් අන්තර්ජාලයට දාලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මීට දින කිහිපයකට පෙර ප්‍රදර්ශනය අරම්භ කළ ‘ශම්සේරා’ චිත්‍රපටයේ ගුණාත්මක පිටපතක් මේ වනවිට කිසියම් පුද්ගලයෙකු විසින් අන්තර්ජාලයට යොමු කර තිබෙන බව සඳහන් වෙයි. පසුගිය කාලයේ ‘අතිරංගේ, ‘රන්වෙයි 34’, ‘ඩාකෙඩ්’ වැනි සුපිරි චිත්‍රපට අසාර්ථක වීමට මෙම කාරණය හේතු වු බව පැහැදිළි වි තිබේ.

ඉන්දීය රුපියල් කෝටි 150ක් වියදම් කර තැනුණ මෙම චිත්‍රපටය මේ දක්වා තිරගත වූ කාලයේදී උපයාගන්නට හැකි වි ඇත්තේ ඉන්දීය රුපියල් කෝටි 40ක ආදයමක් පමණි. කෙසේ වෙතත්, විචාරකයින් පවසන්නේ මෙම චිත්‍රපටයට සිය වියදම් වූ මුදල පවා සොයා ගැනිමට නොහැකි තත්ත්වයක් මේ වනවිට උදාවී ඇති බවය.