වසර හයකට පසුව හොලිවුඩයට ආයෙත් එන ක්‍රිස්ටන්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

‘ස්පයිඩර් මෑන්’ මුල් චිත්‍රපටයේ මේරි ජේන් ලෙස රංගනයෙන් දායක වූ ක්‍රිස්ටන් ඩන්ස්ට් වසර හයකට පසුව නැවත වරක් හොලිවුඩ් චිත්‍රපටයකට සම්බන්ධ වි තිබෙන බව සඳහන් වෙයි. ඒ ක්‍රියාදාම චිත්‍රපටයක් වූ ‘සිව්ල් වෝර්’ චිත්‍රපටය සඳහාය.

සිය විවාහයත්, පළමු දරු ප්‍රසූතියත් නිසාවෙන් වසර හයක කාලයක් හොලිවුඩ් සිනමාවෙන් ඇත්ව සිටි ක්‍රිස්ටන් නැවත වරක් චිත්‍රපටයකින් දකින්නට ලැබීම ඇයට ආදරය කරන සැමට සුබ ආරංචියක්ද වෙයි. ඇය මේ වනවිට සිය 39 වැනි විය ගෙවා දමමින් සිටියි.