වසර දහයකට පසුව චිත්‍රපටයක රඟපාන ජෙනීලියා
කොමඩි නළුවෙක් ලෙස ප්‍රසිද්ධ රිතේක් දේශ්මුක්ගේ බිරිඳ වන සිනමා නිළි ජෙනීලියා ද සූසා මේ දිනවල සිය අලුත්ම චිත්‍රපටයේ රූපගත කිරිම් කටයුතු සඳහා එක්ව සිටින බව සඳහන් වෙයි. ජෙනීලියා මෙසේ චිත්‍රපටයකට එක්වන්නේ වසර දහයකට පසුව වීම විශේෂත්වයකි.
‘මිස්ටර් මමී’ ලෙස නම් කර ඇති මෙම චිත්‍රපටය ජෙනීලියා විසින් නිෂ්පාදනය කිරිම විශේෂත්වයකි. එමෙන්ම මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ඇයගේ සැමියා වූ රිතේක් දේශ්මුක් බවද වාර්තා වෙයි. මෙම චිත්‍රපටයට අමතරව ජෙනීලියා මේ වනවිට මරාති, තෙළෙඟු හා මලයාලම් චිත්‍රපට කිහිපයකටම සම්බන්ධ වී සිටියි.