වසර කිහිපයකට කලින් කරපු විජෙයිගේ චිත්‍රපටයක්

  • 04-05-2023
  • Views 73

සමන්තා රිතු ප්‍රභාස් හා ජනප්‍රිය දකුණු ඉන්දීය සිනමා නළු විජෙයි දේවර්කොන්ඩා රංගනයෙන් දායක වෙන කුෂි චිත්‍රපටය මේ වසරේ සැප්තකැම්බරයේදී නිකුත් වීමට සූදානම් කර ඇත. 2018 වසරේදී මුලික සැළසුම් යෙදූ මෙම චිත්‍රපටය 2020 වසරේදී පළමු වතාවට රූපගත කිරිම් කටයුතු සිදු කොට තිබුණි.

නොයෙකුත් හේතුන් මත මෙම චිත්‍රපටය අවස්ථා කිහිපයකදීම අතරමඟ නවත්වන්නට කටයුතු යෙදුණ අතර, 2022 වසරේ අවසානයේදී මෙහි සියලු රූපගත කිරිම් කටයුතු නිමා කර ඇත. කුෂිහි විශේෂත්වය වන්නේ විජෙයි හා සමන්තා පළමු වතාවට මෙහි සිනමා පෙම්වතුන් ලෙස ප්‍රේක්ෂකයින්ට දකින්නට ලැබීමය.